මම කොරියාවට ආවේ සිහිනෙකින් වගේ... කොරියන් නාට්‍ය බලලා, K-pop අහලා, එතනින් ලැබෙන ආකර්ෂණය මට දැඩිව කොරියාවට ආසාවක් ඇතිකරා... හැබැයි මෙහෙ ඇවිත් තේරුණේ, ජීවිතේ ඇත්තම සුන්දරත්වය එතරම් සරල නොමැති බව....
කොරියාවේ පළමු දවසෙම මට මුණගැසුණේ ආදරණීය මිතුරන්ව... මම නොදන්නා භාෂාවකින් අපහසුතාවයට පත්වන විට ආදරයෙන් අත දිලා, මගේ අලුත් ආරම්භයට උදව් කළා. subway එකක direction අහන කොට, බොහෝ දෙනෙක් නැවතිලා මාව නිවැරදි මඟට ගෙන ගියා....
කෙසේ වෙතත්, මගේ ජීවිතේ ලොකුම අභියෝගය වුණේ පවුලේ ආදරණීයයන් නැතුව, නොදන්න රටක ජීවත් වෙන එකයි... අප්පච්චිගෙ ආදරේ , හිනාව, උපදෙස්, නංගිගේ පිස්සු ,ඒව නැතිව ඉන්න එක මගේ හදවතට දරුණු අඩුවක් වුණා....දුක්වූ වෙලාවට ඔවුන්ගේ ආදරේ නැතිව, මම අඩපු වාර තියනවා... Home sick වුන වෙලාවට, මගේ ආත්මයම කම්පනයක් දැනුනා....
තමන්ගෙ කියලා කවුරුත් නැති රටක, තමන්ගෙ සතුට, වේදනාව, දුක පිටකරගන්න කවුරුත් නැති හැම මොහොතකම මං මේ පරිසරය එක්ක මගෙ හැඟීම් බෙදාගත්තා. ලස්සන මල් ,හිම වැටිලා ඉවර වෙන හැටි දැක්කම මගේ දුක ගිලිහුණා වගේ. ඒ වෙලාවේ පිපෙන මල්, හිතට මූණට හිනාවක් අරන් ආව වගේ දැනුනේ...
මෙහි මිනිස්සු හැමෝම හිනාවෙනවා, ආචාරශීලීව කතා කරනවා. ඔවුන්ගේ ඒ ආදරය මට දැක්වුණේ මගේම රටේ වගේ ආදර සහෘද හැඟීමක්. ඔවුන්ගේ ඒ උණුසුම් ක්‍රියා මට මතක් කළේ, ලෝකේ හැමතැනම හොඳ මිනිස්සු ඉන්නවා කියලා.....